නොවැම්බර් 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්විය.
ඒ අනුව සමස්ථ ඡන්ද 6,924,255ක් ලබමින් 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය. ප්‍රතිවාදී අපේක්ෂක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,564,239ක් විය. එය සමස්ථ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 41.99% ක ප්රතිශතයකි. තෙවැනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගත්තේ ජාතික ජනබලවේගය නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතාය. ඒ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 418,553කි. එය සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 3.16%ක ප්රතිශතයකි. අද සවස මැතිවරණ කොමිසමේ පැවැති රැස්වීමෙන් අනතුරුව ජයග්‍රාහකයා මැතිවරණ කොමිසමේ සභාපති විසින් ප්‍රකාශයට පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයේ දිවුරුම් දීම හෙට(18) අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදී සිදුකිරීමට නියමිතය.