ගෝඨාගේ පුරවැසිභාවය ගැන ගෙන යන බොරු ප්‍රචාරවලට නොරැවටෙන්න – අලි සබ්රි සියලු සහතික මාධ්‍ය හමුවේ පෙන්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මේවන විට සජිත් ප්‍රේමදාසගේ මඩ ප්‍රචාර කල්ලිය විසින් ගෙනයනු ලබන සියලු ප්‍රචාර අසත්‍ය බවත් ඇතැම් ඇමැතිවරුන් සිය ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ ගෙන යන සාවද්‍ය ප්‍රචාරද මාධ්‍ය හමු පවත්වමින් ඔප්පු කළ නොහැකි ලෙස පවසන්නේ බොරු ප්‍රචාර බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(10) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

මේ අතර ඉඟුරුවත්තේ සුමංගල නමැති චීවරධාරියකු යොදාගනිමින් උපවාසයක්ද ක්‍රියාත්මක කර ඇතැයි පොදුජන පෙරමුණ පවසයි. අදාළ ඇමරිකා පුරවැසිභාවය ඉවත්කරගත් බවට ඔප්පු කළ හැකි සියලු සත්‍ය පිටපත් අලි සබ්රි මහතා අද මාධ්‍ය හමුවේදී පෙන්වීය.

එසේම එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරිය පවසා ඇත්තේ කිසිවකුගේ පුද්ගලික පුරවැසිභාවය සම්බන්ධ ගැටලුවලට තානාපති කාර්යාලයට පිළිතුරු ලබාදීමට හැකියාවක් නැති බවයි.

මේ අතර අලි සබ්රි මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබූ සටහනද මේ වනවිට ඉවත්කරගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *