අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් හුලං පිරවූ ටියුබයක ආධාරයෙන් දරුවෙකු සමග ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ටියුබය පෙරළී අනතුරකට මුහුණ පා තිබේ.
එම අනතුරින් අදාළ පුද්ගලයා දියේ ගිලී මියගොස් ඇත.
ඊයේ සවස 5ට පමණ කිරිඇල්ල පොලිස් වසමේ කැටේපොළ ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබේ.
මරණයට පත්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.