නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 4ක් අතුරුදන්

අදාළ පුද්ගලයින් සෙවීම සඳහා මේ වනවිට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් යොමුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කළේය.

පැවැති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අදාළ පුද්ගලයා දැනුම්වත් කර ඔහුට නිවසෙන් ඉවත් වන ලෙසට දැනුම්දී තිබූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *