කොවිඩ් -19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ කුරුණෑගල හිරිපිටිය තිත්තවැල්ගාල්ල ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.
කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා සඳහන් කළේ පුද්ගලයින් 72 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් ඒ සමගම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සිදු වූ බවයි.
“තිත්තවැල්ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස අපි ප්‍රථමයෙන් හඳුනගත්තා. ඔහුගේ ආශ්‍රිතයින් 72ක් PCR සඳහා යොමු කළා. ඉන් 29ක් පොසිටිව්. ආසාදිතයින් එම ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පැමිණ තිබීම නිසා ඒ ප්‍රදේශයේ සියලු දෙනාම ආසාදිතයින් බවට පත්වීමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා සියලු නිවාස නිරෝධායනයට ලක්කරලා තියෙනවා.”