කොරෝනාවෙන් පීඩා විදින ඉන්දියාවට පළඟැටියන් කඩා වැදේ – ගොවිබිම් හෙක්ටයාර ගණනින් විනාශවේ

පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ මුඛයට ඇද දැමූ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට කඩා වැදී ඇත. මෙම පළඟැටි උවදුර පාලනය කිරීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ වනවිට ඉන් බලපෑමට පත් ප්‍රාන්තවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඉන්දියාවේ කෘෂිකාර්ම සහ ගොවි සුබසාධන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම පළඟැටි උවදුර රංචු වශයෙන් වළාකුලු මෙන් ගම්මානවලට කඩාවැදී සපාකෑ හැකි සියල්ල වනසා දමා ගොවිබිම් පාලූකර දැමීම සිදු කරයි. පාකිස්තානයට මෙම පළඟැටි උවදුර පැමිණ ඇත්තේ මෙම වසර මුලදීය. එම උවදුර කෙතරම්ද යත් පාකිස්තානයේ බලධාරීන් පෙබරවාරි මාසයේදී මෙම පළඟැටියන් හේතුවෙන් රටපුරා හදිසි අවස්ථාවක් පවා ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මෙම උවදුර වසංගතයක් ලෙසින් දරුණු ලෙස පැතිර යන බවයි.

මේ වනවිට බටහිර ඉන්දියාවේ හෙක්ටයාර් 50,000 කට වැඩි ප්‍රදේශයක බෝග මෙම පළඟැටියන් නිසා විනාශ වී ඇති අතර රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ ගුජරාට් යන ප්‍රාන්ත වඩාත් පීඩාවට පත්ව තිබේ. පාකිස්තානයේ විශාල ප්‍රදේශයක්ද පළඟැටියන් විසින් මේ වනවිට ආක්‍රමණය කර වනසා හමාරය.

මෙම පළඟැටියන් මර්ධනය කිරීම සදහා ගිනිනිවන රථ යොදා පළිබෝධ නාශක ඉසීමද සිදු කරන අතර, ආවේක්ෂණ වාහනද යොදාගෙන තිබේ. එමෙන්ම විදින උපකරණ සහිත පාලන රථ හා පළිබෝධක නාශක ඉසිය හැකි ට්‍රැක්ටර් රථද මෙම මෙහෙයුම සදහා යොදාගෙන තිබේ.

India still to hear from Pakistan on proposal for joint operations ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *