කොටුව පොලීසියටත් කොවිඩ් රිංගයි

කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ පිහිටුවා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි.

ඒ මහතා පවසා සිටින්නේ කොම්පඤ්ඤවිදීය සහ පිටකොටුව පොලිස් ස්ථානයෙන්, කොටුව පොලිස් ස්ථානයෙන් සිදුකිරිමට අවශ්‍ය රාජකාරී මහජනතාවට සිදුකර ගැනීමට හැකියාව ඇති බවයි.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා වාර්තා වීමෙන් පසු විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුලදීම නිරෝධායනයට ලක් කොට ඇත. එමෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව කොටුව පොලිස් ස්ථානය අද දිනයේ සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවා එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු යළි ඇරඹීමට සිදුකෙරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *