කොවිඩ්

කුලියාපිටියේ මංගල උත්සවයකට ගිය පන්නිපිටියේ කාන්තාවකටත් කොවිඩ්

පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට වාර්තා වේ. සෞඛ්‍ය නිලධාරින් පවසන්නේ මෙම කාන්නතාව පසුගිය 2 වෙනිදා ඇයගේ ස්වාමි පුරුෂයාද සමගින් කුලියාපිටිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වී ඇති අතර 9 වෙනි දින ඇයට අසනීප තත්ත්වයක් හටගෙන ඇති බවයි.

කුලියාපිටියේ පැවති එම මංගල උත්සවයේ මනමාල මහතාට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට පසුගිය 12 වන දින දැනගැනීමත් සමගම එම කාන්තාව හා ස්වාමිපුරුෂයා ඊට පසු දින (13) පි සි ආර් පරීක්ෂණයකට භාජන වී තිබූ අතර එම පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ අදාළ කාන්තාවට පමණක් වෛරසය ආසාධනය වී ඇති බවයි. එම පරීක්ෂණ වාර්තාව ලැබීමත් සමගම ඇය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය. එමෙන්ම නිවසේ සෙසු සාමාජිකයන් නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *