ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනා ගැන වහා පියවරක් ගන්න – නාමල් රාජපක්ෂ

2011 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ මහතා පවසන්නේ මෙවැනි චෝදනා ඉතා බරපතල බවත්, එමගින් බොහෝ සෙයින් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු කරන බවයි. එම නිසා මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසත්, ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසටත් තමා අයි.සී.සී.යෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *