LK reports news sinhala

කටාර් සිට අයිඑස් වැඩ කළ ශ්‍රී ලාංකිකයා කොටුවෙයි

කටාර් රාජ්‍යයේ සිට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග සෘජු සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික ජාලයේ ප‍්‍රධාන සැකකරුවකු එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහු සමග රැඳී සිටි තවත් ශ්‍රී ලාංකික සැකකරුවකු ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින දෙකකට පසු කටාර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස තුනකට අධික කාලයක් රඳවා තබාගෙන පරීක්ෂණ කිරිමෙන් පසු මෙරටට පිටුවහල් කරනු ලැබු බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වැඅධිකරණයට දන්වා තිබේ.

මේ වන විටත් කටාර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන සැකකරු මාතලේ පදිංචිකරුවකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා බවත් එම සැකකරු සමග අත්අඩංගුවට පත්විමෙන් පසුව කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු අනෙක් සැකකරු වන්නේ මාවනැල්ලේ පදිංචිකරුවකු එන සමද් මොහොමඩ් රියාෂිය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව මඟින් අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු බව කියන සහරාන් ෆස්රූල් නමැත්තා වන විට රැදවුම් නියෝග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබන අතර ඔහුගේ සහෝදරිය දැනට කටාර් රාජ්‍යයේ ජිවත් වන බවත් එරටදි අත්අඩංගුවට ගනු ලැබ සිටින මොහොමඩ් අන්වර් මොහමඩ් ඉන්සාෆ් නමැත්තා ඇගේ සැමියා බවත් මොහු කටාර් රාජ්‍යයේ සිටි සහරාන් ෆස්රුල් නැමැත්තා සමග අයි.එස්.අයි.එස්. සංවිධානය සමග ඍජු ලෙස සම්බන්ධ වී කටයුතු කර ඇති බවත් අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.