කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිර දඬුවමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද(23) නියෝග කළේය.
ඩුබායි හි සිට ශ්රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.
මාකඳුරේ මදූෂ් නමැති පාතාල නායකයාගේ සාදයකදී කංජිපානි ඉම්රාන්, ගායක අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රෝයන් ඇතුළු පිරිසක් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන් ශ්රී ලංකාවට පිටුවහල් කෙරිණි.
කංජිපානි ඉම්රාන්ට මිනීමැරීම, මිනී මැරීමට කුමන්ත්රණය කිරීම සහ ආධාර අනුබල දීම හා මත්කුඩු ජාවාරම් සම්බන්ධ විවිධ අධිකරණවල තව නඩු 27 ක් පමණ පවතින අතර ඒවා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවේ. ඔහු සිරගතව සිටින කාලයේ ඒවාටද පෙනී සිටිනු ඇති බවත් ඔහු ඒවායේ වරදකරු බවට පත්වුවහොත් මෙම සිරදඬුවම තවත් වැඩි වනු ඇති බවත් නීති අංශ ආරංචි වලින් පැවසේ.