උපකාර පංති ලබන සදුඳා සිට ඇරඹිමට අවසර – උපරිමය සිසුන් 100 යි

ආගමික ස්ථානවල සිදු කෙරෙන ආගමික කටයුතු සහ උපකාරක පන්ති, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආගමික ස්ථානවල ආගමික කටයුතු ලබන 12 වන සිකුරාදා සිට ආරම්භ කිරීමටයි රජය අවසර ලබාදී ඇත්තේ. ඒ සඳහා රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

උපකාරක පන්ති ද ලබන 29 සිට උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා කරමින් ආරම්භ කිරීමටයි රජය තීරණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පැවසුවේ. සිසුන් 100 දෙනෙකුට හෝ, අදාළ පන්ති කාමරයේ ඉගැන්වීම් පහසුකම් නොමැති ස්ථානවල උපකාරක පන්ති සඳහා සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගී කරවීමට ද අවසර ලබාදී ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ද ආරක්ෂා කරගනිමින් ආගමික ස්ථානවල ආගමික කටයුතු සහ උපකාරක පන්ති පැවැත්විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *