86 හැවිරිදි පුද්ගලයෙකුගෙන් අගමැතිට රුපියල් 5,000 ක්

පොළොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි එස්.බී.හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත රුපියල් 5,000 ක මුදල් නෝට්ටුවක් සහිත ලිපියක් තැපැල් මගින් යොමුකර තිබේ.

‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන් කර තිබූ එම ලිපිය අරලියගහ මන්දිරයට යොමුකර තිබූ අතර ආරක්ෂක නිලධාරීන් විසින් එය අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබුණා. එම ලිපියෙන් දන්වා ඇත්තේ කොවිඩ්-19 අරමුදල සඳහා මෙම මුදල බැරකර, රෝගීවී එක්තැන්ව සිටින තමන්ව ද එම පිංකමට සම්බන්ධ කර ගන්නා ලෙසටයි. එම ලිිපිය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *