LK reports news sinhala

උතුරේ දෙමළ ඡන්ද කාටත් නැතිවෙන ලකුණු

දෙමළ ජාතික සන්ධානය මෙවර කිසිදු ජනපති අපේක්ෂකයෙකුට සහය පළ කරන සූදානමක් පෙනෙන්නට නැති පසුබිම තුළ දකුණේ මතුව ඇති අර්බුදකාරී ‌දේශපාලන වාතාවරණය යටතේ

නැවත වතාවක් උතුරේ දමිළ ඡන්ද වර්ජනයකට ‌දෙමළ ජාතික සන්ධානය සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට දකුණේ නම් ප්‍රකාශ වී ඇති කිසිදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් දමිළ ජනතාවට විශ්වාසයක් තැබිය ‌නොහැකි නිසා ‌මෙසේ ඡන්ද වර්ජනයකට යා යුතු බවට දෙමළ සන්ධානය තුළ ඇතැම් පිරිස් අදහස් දක්වා ඇත.

ඒ අනුව සමස්ත ලංකා දමිළ ‌කොංග්‍රසයේ නායක ගජන් ‌පොන්නම්බලම් දැනටමත් උතුරේ දමිළ ජාතිකයන් ජනාධිපතිවරණයේදී ඡන්ද වර්ජනයකට යායුතු බව පුසිද්ධියේ අදහස් පළ කර ඇත.
මේ අතර විග්නේශ්වරන් දන්වා සිටියේ දෙමළ ඡන්ද ගොඩ වෙනත් අයට වාසි පිණිස ලබාදෙනු වෙනුවට තමන් තනිව තරග කිරීමට සූදානම් බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *