ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොවිඩ් -19 ආසාදිතයින් 3,410ක් ඊයේ දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඉන් 12 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්ය.

ගතවූ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 602කි.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ පිළියන්දල, දෙහිවල, මොරටුව, පාදුක්ක, දෙමටගොඩ යන ප්‍රදේශවලිනි.

දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්ත වූ අතර එම සංඛ්‍යාව 538 කි.

පානදුර දකුණ, පානදුර උතුර, කහතුඩුව, අගලවත්ත යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.

තෙවැනියට වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 302කි.

එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පොල්ගහවෙල,පොල්පිතිගම, රිදීගම, ගල්ගමුව යන ප්‍රදේශවලින් වාර්තා විය.

මහනුවර 276ක්, රත්නපුර 268ක්, නුවරඑළිය 237ක්, ගාල්ල 153ක්, ගම්පහ 151ක්, මඩකලපුව 104ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 199,254ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයින්ගෙන් 164,281 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 33,317 කි.

කොවිඩ් – 19 මරණ 48ක් ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබුණි.

එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවය.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ 1,656 දක්වා ඉහළගොස් තිබේ.

මීට පෙර පසුගිය මැයි මස 22වන දින දෛනිකව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස සැලකෙන අතර එම සංඛ්‍යාව 46කි.

ඊයේ තහවුරු කළ මරණ 48 තුළ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු සහ කාන්තාවන් 23 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 46 දෙනෙකුම අවුරුදු 50 ඉක්මවූ අයවීම විශේෂත්වයකි.

එම මරණවලින් මරණ 18ක් නිවසේ දී සිදුව තිබුණි.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් සඳහා අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 191 දක්වා ඉහළ දමා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *