ඉදිරි කාලය තුළ ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉදිරි වසරක කාලය සඳහා ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් බව විදුලි බල හාබලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ නිසා එම කාලයේ දී තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය සමාන ලෙස බෙදා දීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවද හෙතෙම කියා සිටියි.

එම යෝජනා දවසකින් දෙකකින් සාර්ථක කරගත නොහැකි බවත් ජනතාවගෙන් ලැබෙන සහාය මත කඩිනමින් හා සාර්තක කරගත හැකිවනු ඇත ඇති බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *