ඉතාලියේ කොරෝනා දරුණු වෙයි, පැය 24ක් තුළ මරණ 475 ක්

කොරෝනා වෛරසයෙන් පැය 24ක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 475ක් ඉතාලියෙන් වාර්තා වී තිබේ.

ඉතාලියේ සිවිල් ආරක්ෂණ ඒජන්සිය විසින් අද දිනය වන විට කොවිඩ් -19 රෝගීන් 4,207 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව මුළු රෝගීන් සංඛ්‍යාව 31,506 සිට 35,713 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන බහුතර පිරිසක් වයස්ගත පුද්ගලයින් බවට වාර්තාවේ. සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ ඉතාලියේ තත්ත්වය ඉදිරියේදී මිට වඩා භයානක වනු ඇති බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමේ අරමුණින් පුරා සති දෙකකට ආසන්න කාලයක් ඉතාලිය සම්පුර්ණයෙන් වසා දැමීමට එරට රජය පසුගියදා තීරණය කරනු ලැබුවා.

යුරෝපීය හා ඉතාලි වෛරස් විද්‍යා සංගමයේ හිටපු සභාපති සහ පදෝවා විශ්ව විද්‍යාලයේ වෛරස් හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන Giorgio Palù මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කළා.

“ඉතාලි බලධාරින් නිසි වෙලාවට ක්‍රියා කලේ නැහැ. ඇත්තටම ඔවුන්ට මීට‍ කලින් ක්‍රියා කරන්න තිබුණා. අපි ප්‍රමාද වැඩියි. ඒ වගේම වෛරසයට කිසිදු දෙශ්සිමාවක් නැහැ. එය සියලු දෙනාම මතක තබා ගන්න ඕන”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *