ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී ශ්රී ලංකන් ගුවන් සේවයේ පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා වීමේ බාධාවක් නොපවතින බව එම සමාගම පවසනවා. ශ්රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා තමා සතු ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන ලෙසටයි.
2020-03-20