මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි

ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මාර්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.96 ක් වූ බවත් ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත මිලියන 400 කින් පමණ වැඩි වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *