මහ බැංකුවට කෝටි සීයක පාඩුවක් – කිරිඇල්ල

ශ්‍රී ලංකා මහ බැංකුව  පසුගිය වර්ෂයේදී කෝටි සීයකට  වැඩි පාඩුවක් ලබා ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඔවුන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  මෙසේ කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවයි.

ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේක පඩි වැඩි කරගැනීමට වැඩි බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *