ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ මව්බිම රනින් සැරසූ ක්‍රීඩකයන් දිවයිනට

තුර්කියේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව රනින් සැරසීමට සමත් වු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (30) දිවයිනට පැමිණ තිබුණි.

එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ කිලෝග්‍රෑම් 47 බර පන්තියෙන් තරග වැදුනු ෂෙනුකි දිශල්‍යා සමස්ත ශූරතාවය ඇතුළු රන් පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වුවාය.

එහි විවෘත අංශයේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට රන්සිළු ජයතිලක සමත්වුණි.

සවි එසවීමේ ක්‍රීඩිකා ෂෙනුකි දිශල්‍යා,

“මේ මගේ පළවෙනි ටුවර් එක. මට මේ ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊළඟ අවුරුද්දේ පැවැත්වෙන ලෝක ශූරතාවලියෙන් මගේ රටට රන් පදක්කමක් ගේන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක මගේ හිතේ තියෙන ගොඩක් ලොකු හීනයක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *