Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ආයතන ප්‍රධානීන් තෝරන්න තේරීම් මණ්ඩලයක් – ඇමැතිවරුන් පත්කරමින් ජනපති කියයි

ආයතන ප්‍රධානීන් තෝරන්න තේරීම් මණ්ඩලයක් – ඇමැතිවරුන් පත්කරමින් ජනපති කියයි

රජයට අයත් ව්‍යවසායන් සහ සංස්ථා පාඩුවලින් මුදවා ලාභ ලබන ආයතන ලෙස සවිමත් කළයුතු බවත් ඒ සඳහා හැකියාව සහිත තැනැත්තන් ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කළයුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආයතන ප‍්‍රධානීන් තෝරා ගැනීම තේරීම් මණ්ඩලයක් හරහා සිදු කෙරන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේදීය.

අමාත්‍යාංශ යටතේ ඇති නිපුණතාවයක් අවශ්‍ය නොවන පුරප්පාඩු පිරවීමේදීද වඩා සාධාරණ ක‍්‍රමයක් හදුන්වා දෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය. සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත් වූ කරුණු ඉටු කරමින් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සියලු අමාත්‍යවරුන්ගේ සහාය අපේක්‍ෂා කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

සාමාජිකයන් අඩු සංඛ්‍යාවකින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි තරුණ අමාත්‍යවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බවද ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතිවන්ත වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද(22) කැබිනට් අමාත්‍ය ධූර හිමිවූ අමාත්‍යවරුන් හා ඔවුන්ගේ අමාත්‍යංශ මෙසේය.

අගමැති මහින්ද රාජපක්ෂ – මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය,මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, බුද්ධ ශාසන,සංස්කෘතික හා ආගමික කටයුතු

නිමල් සිරිපාලද සිල්වා – අධිකරණ මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ

ආරුමුගන් තොණ්ඩමන් – ප්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

බන්ධුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,  උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන 

ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාලන,ස්වදේශීය කටයුතු පළාත් සභා සහ පළාත් පාලන 

පවිත්‍රාදේවි වන්නිආරච්චි – කාන්තා සහ ළමා කටයුතු  සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා 

ජොන්සටන් ප්‍රනාන්දු –   මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය 

විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව හා සංවර්ධන සැපයුම් කළමනාකරණ

ඩලස්  අලහප්පෙරුම – අධ්‍යාපන,ක්‍රීඩා හා යෞවන කටයුතු

මහින්ද අමරවීර – මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා ශක්ති කාර්ය හා කර්තව්‍ය

එස් එම් චන්ද්‍රසේන – පරිසර හා වනජීවී  හා ඉඩම් සංවර්ධන

රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම 

රසන්න රණතුංග – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, සංචාර සහ ගුවන් සේවා 

චමල් රාජපක්ෂ – මහවැලි,කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුබසාධන 

දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ සබඳතා, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා, නිපුණතා සංවර්ධන

ඩග්ලස් දේවානන්ද – ධීවර සහ ජලජ සම්පත්

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *