ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීමේ අරමුණින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි කලබලකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේදැයි සැකයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (15) පැවති පක්ෂ මාධ්‍ය හමුවකදීය.
විදේශ විනිමය පනත සංශෝධනය කිරීමෙන් ත්‍රස්තවාදි අරමුදල් රට තුළට පැමිණෙන බව පෙන්වා දුන් මුසම්මිල් මහතා කියා සිටියේ ජනාධිපතිවරණයකට දින ප්‍රකාශ කිරීමට නියමිත අතර ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව පරාජයට පත් වන බවයි.
ආරක්ෂක හමුදාවන් දුර්වල කරමින් සිටින බවත් නාවික හමුදා නිලධාරින්ගේ මානසිකත්වය බිද දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටත් මුසම්මිල් මහතා චෝදනා කරයි.
ආණ්ඩුවේ සූදානම ජනාධිපතිවරණය කල්දැමීමට නම් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් දෙවෙනි ප්‍රහාරයක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමද යන සැකය ඇති වන බවද ඒ මහතා සැක පල කළේය.
(Image – Sri Lanka mirror)