අලියා

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට එරෙහිව එජාපය ජනතාව පෙළගස්වයි

ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපාන විසි වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙන ඒම, අත්තනෝමතික ලෙස සිදු කරන පරිසර විනාශය, රටේ නීතියට සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන අහිතකර බලපෑම, පුද්ගල නිදහස අහිමි කිරීම, මාධ්‍යවේදීන් බියවැද්දවීම සහ සිර ගත කිරීම, මිල පාලනයකින් තොරව කටයුතු කර ජනතාවට බර පැටවීම, මිල සුත්‍ර අහෝසි කර, එම සහන ජනතාවට අහිමි කිරීම, අත්තනෝමතික ලෙස බදු ඉහළ නැංවීම ඇතුළු වත්මන් රජයේ රැවටිලිකාරී පාලනයට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට එක්සත් ජාතික පක්ෂය සැරසෙයි.

එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ ප්‍රධානතම තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණ, ප්‍රධානතම කාන්තා සංවිධානය වන ලක් වනිතා සංවිධානය, විද්වතුන්, කලාකරුවන්, වෘත්තිකයන් ඇතුළු සියලු ජන කොටස් නියෝජනය වන පරිදි පක්ෂයට අනුබද්ධ සංවිධාන සමග එක්ව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නියමිතය.

මීට අමතරව එක්සත් භික්ෂු පෙරමුණ හරහා රටේ නිර්මාණය වී ඇති ව්‍යවස්ථා අර්බුදයේ බරපතළකම සහ රටේ සිදුවන අපරාධ සහ ජනතා මුළා කිරීම්, නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ මහා සංඝයාවහන්සේ දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *