LK reports news sinhala

අර්ජුන් මහේන්ද්‍රන් ‍ගෙන්වන්න පිටු 21000ක ඉල්ලීමක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා සිංගප්පූරු රාජ්‍යය වෙත යැවීමට අවශ්‍ය පිටු 21,000 කට අධික ලේඛන සහිත උදර්පන ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය වෙත නීතිපතිවරයා විසින් භාරදී ඇත.

එකී උදර්පන ඉල්ලීම් ගොනුවකට ඇතුළත් පිටු 21,000 කට සෑම ලේඛනයක්ම එකින් එක ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සහතික කිරීමෙන් පසු වෙන් වෙන්ව ඉල්ලීම් ගොනු එලෙස එකී අමාත්‍යංශය වෙත භාරදීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් ලබාදී ඇත.

උදර්පන නීතිය අනුව යම් රටක රැඳී සිටින හෝ පදිංචිව සිටින සැකකරුවකු හෝ විත්තිකරුවකු ගෙන්වා ගැනීමට පෙර කොන්දේසි කිහිපයක් සපුරාලීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එකී කොන්දේසි සපුරාලීමෙන් පසුව එම ඉල්ලීම එම රටින් කළ යුත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය මගිනි.

(Image – Sri Lanka mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *