ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ.
ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව යළිත් වරක් තහවුරුව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් ප්‍රකාශ කළේය.
2020 අගෝස්තු 29 දක්වා මෙම තරඟ තහනම බලපැවත්වන බවද දන්වා ඇත.
පසුගිය නවසීලන්ත සංචාරය අතරතුර ගාල්ලේ පැවති තරගයේදී කඩුළු දවා ගෙන සුවිශේෂ දස්කම් දක්වන අතරේ අකිල ධනංජයගේ ඉරියව් සැකසහිත බවට විනිසුරුවන් අයිසීසීයට පැමිණිලි කර තිබුණි.
2019-09-20