අන්තර්ජාල බැංකු වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් 8ක් අත්අඩංගුවට…

අන්තර්ජාලය ඔස්සේ මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් හරහා පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර ඇත.

ඒ අනුව පසුගිය නොවැම්බර් 26 වැනිදා වාද්දුව, පිළියන්දල, බණ්ඩාරවෙල සහ ගාල්ල යන ප්‍රදේශවල මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දුව සහ පට්ටිගෙදර ප්‍රදේශවල පදිංචි අවුරුදු 22ත් 36ත් අතර පසුවන්නන්.

සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළත් කිරීමෙන් පසු හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *