සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතින අතර, ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු ඇති වේ.
අද දින දහවල් 12.10ට තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කාඩු සහ ආන්දන්කුලම් යන ප්රදේශවලි හිරු මුදුන්ව පවතී.