Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

අත්තිඩිය පුද්ගලයෙකු අපරාධ දෙකකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට

අත්තිඩිය පුද්ගලයෙකු අපරාධ දෙකකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට

දෙහිවල ප්‍රදේශයේ සිදුකළ ඝාතන තැතක් සහ ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කෙරෙන අත්තිඩිය ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ජූලි 19 වන දින දෙහිවල ප්‍රදේශයේ සුසාන භූමියක් ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සාහ කරමින් වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි.

මීට අමතරව, ගල්කිස්ස ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකුට ගිනි අවියක් එල්ල කර තර්ජනය කිරීමේ සිද්ධියක්ද වාර්තා වී තිබේ.

විමර්ශනවලදී මෙම සිද්ධීන් දෙකටම සම්බන්ධ යතුරුපැදිකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සම්බන්ධතා පවත්වන බවට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ නිලධාරීන් ඊයේ (26) උදෑසන මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.200ක් සොයාගෙන තිබේ.

ප්‍රශ්න කිරීමේදී අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන තුනක් සහ එම මෙහෙයුම් සඳහා ඔහුට ගෙවා ඇති බව කියන රුපියල් 200,000ක මුදලින් රුපියල් 55,000ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *