අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි.

අජිත් මාන්නාප්පෙරුම මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ. ඒ රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ය. අද උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.

මාන්නාප්පෙරුම මහතා මන්ත්‍රීධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිසම විසින් දැන්වීමත් සමග එයට අදාළ ගැසට් නිවේදනය ඊයේ  නිකුත් කෙරුණි. පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතා මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *