මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමිවේ.
මේ අතර අද රාත්‍රී 8 සිට අඟහරුවාදා උදෑසන 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.