akmeemana -teacher training school

අක්මීමන ගැටුමකින් ගුරු අභ්‍යාසලාභීන් 14 දෙනෙකුට තුවාල…

අක්මීමන, රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ අභ්‍යාසලාභීන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමකින් ගුරු අභ්‍යාසලාභීන් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූවන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

අවසන් වසරේ ගුරු අභ්‍යාසලාභීන් පිරිසක් දෙවන වසරේ අභ්‍යාසලාභීන්ගේ නේවාසිකාගාරයට කඩා වැදී ඔවුන්ට පහරදීමෙන් අනතුරුවයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ, අවසන් වසරේ අභ්‍යාසලාභීන් 40 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සාදයක් පැවැත්වීමෙන් අනතුරුව දෙවන වසරේ අභ්‍යාසලාභීන්ගේ නේවාසිකාගාරයට කඩා වැදී ඔවුන්ට පහර දී ඇති බව ය.

තුවාල ලැබූවන් දෙවන වසරේ පුහුණුවන්නන් අතර සිටින බව වාර්තා වේ.

අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *