හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු හය දෙනෙකුට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනූද බණ්ඩාර මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

මුදල් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරුට රුපියල් 500,000 බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔවුන්ට විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.

බණ්ඩාර මහතා ඇතුළු මෙම කණ්ඩායම ජූලි 21 වන දින චීන ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑ බවට වූ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *