සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මඟින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේ, මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවය.
ඒ අනුව සයිනොෆාම් එන්නත ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ රැකවරණයක් ලැබී ඇතැයි පැවසීම සතුටට කරුණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම් යටතේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගයක් ලංකාවට ලැබී ඇතැයි ද පැවසු චන්න ජයසුමන මහතා, එන්නත් සඳහා වැයවන වියදම ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදීමට නියමිත බව ද පැවසීය.