රට තුළ පවතින වත්මන් හිඟයට පිළියම් යෙදීමේ අරමුණින්, සම්බා සහ කීරි සම්බා වැනි සහල් වර්ග ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
දේශීය වෙළඳපොලේ සැපයුම ස්ථාවර කිරීම සඳහා පොන්නි සම්බා වැනි ප්රභේද ඇතුළුව මෙට්රික් ටොන් 1,040 ක් දක්වා ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවසර දෙන බව කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


