Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකාවේ මිලියන 2.1 කට අධික පිරිසක් දියවැඩියාවෙන් පීඩා විදී.

ශ‍්‍රී ලංකාවේ මිලියන 2.1 කට අධික පිරිසක් දියවැඩියාවෙන් පීඩා විදී.
diabetes

දියවැඩියාවෙන් වසරකට මිය යන සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් මිලියන 51 ඉක්මවයි. ශ‍්‍රී ලංකාවේ මිලියන 2.1 කට අධීක සංඛ්‍යාත දියවැඩියාවෙන් පිඩා විදින අතර ඒ වෙනුවෙන් ලෝක දියවැඩියා දිනයට සමගාමීව දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමනක් 20 මහනුවර නගරයේදි සංවිධානය කර තිබුණි.

විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් සිංහ සමාජ සමාජිකයින් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වි සිටි අතර එහිදි ජනතාව දැනුවත් කරමින් අත්පත‍්‍රීකා බෙදා දීම ඩිජිටල් නාමපුවරු යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීම සිදු කර අතර බෝගම්මබර ක‍්‍රීඩා පිටිය අසළින් පා ගමන ආරම්භ කර අතර ශ‍්‍රී දළදා මාලිගාව අභියසින් පා ගමන අවසන් විය.

මෙහි තේමා පාඨය වුයේ ‘‘ දියවැඩියාවෙන් තොර රටක් සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩනගමු ’’ යන්නයි. දිස්ත‍්‍රික්ක මට්ටමින්ද සිංහ සමාජ හරහා වැඩසටහන් සංවිධානය කර ඇති අතර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, සායනයන්, පාගමන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඉදිරි දින වල සිදු කරන බව සිංහ සමාජ 360සී1 වත්මන් නායක සිංහ ගාමිණි කුමාරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

එහිදි ඒ මහතා වැඩිදුරටත් පැවසුයේ දියවැඩියාවෙන් වැලකීම සඳහා සමබර අහාර වේලක් ගැනීම සහ ක්ෂණික ආහාර ගැනීමෙන් වැලකීම නිතීපතා ව්‍යායාව සිදු කිරිම පැණිරස ආහාරයට ගැනීම අවම කිරීම සහ නිතර පළතුරු අනුභව කිරීම මගින් රෝගය මැඩ පවත්වා ගැනීමට හැකි බවයි.

මෙම රෝගී තත්වය ඇති බොහෝ දෙනෙකුට නිතර මුත‍්‍රා යාම, හදිසියේ ශරිර බර අඩුවීම, නිතර බඩගිනි දැනීම, අත් පා නිතර හිරි වැටීම, නිතර ඇතිවන තිබහ, අධික මහන්සිය, සුව නොවන තුවාල, පෙනීම අපැහැදිලි වීම යනආදිය මූලික දියවැඩියා ලක්ෂණ වශයෙන් එම දින බෙදා දෙන අත්පත‍්‍රීකා වලද රූප සටහන් මගින් ජනතාව දැනුවත් කර තිබුණී. මෙවැනි රෝග ලක්ෂණ ඇති ජනතාව වහාම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන දියවැඩියා රෝගී තත්වය අවම කර ගැනීම පෙරදැරිව මෙම පා ගමන සංවිධානය කර තිබුණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *