Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය ලබාදීම සම්බන්ධව සාකච්ජා…

ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය ලබාදීම සම්බන්ධව සාකච්ජා…

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු. තාක්ෂණ අමාත්‍යාංශය යටතේ දිවයින පුරා පිහිටි විදාතා තාක්ෂණ මධ්‍යස්ථාන යළි සක්‍රීය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව කනක හේරත් මහතා පසුගියදා පැවති තාක්ෂණ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි. විදාතා මධ්‍යස්ථාන නැවත තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නව ලොවට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීමට වීරසුමන වීරසිංහ මහතා.

සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී වෙත කමිටුවේ අවධානය යොමු කරන ලදී. පසුගිය වසරේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ලාභය රු. බිලියන 12 ක් වන අතර මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලාභය ආසන්න වශයෙන් රු. බිලියන 6ක් බව සමාගමේ බලධාරීහු පවසති.

මේ බව හෙළිවූයේ ගරු. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය උපුල් ගලප්පත්ති මහතා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගමේ තොරතුරු පිළිබඳව සමාගමේ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නිළධාරීන් කියා සිටියේ සමාගමේ හිමිකාරීත්වයෙන් සියයට 49.5ක් රජය සතු වන අතර සමාගම පෞද්ගලීකරණය කළහොත් එම කොටස් ප්‍රමාණයම පෞද්ගලික අංශයට හිමිවන බවයි.

අන්තර්ජාල සේවා සපයන්නන් විසින් හඳුන්වා දීමට නියමිත 5G තාක්ෂණය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අවසරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව ලබන වසරේ 5G තාක්ෂණයට අදාළ වාණිජ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ.

රාජ්ය අමාත්ය ගරු. ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එස්.එම්.එම් මුෂාරෆ්, ගරු ආචාර්ය උපුල් ගලප්පත්ති, ගරු. ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුළු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *