රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද(27) සමත් විය.
ඒ අද පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප්‍රබල වේල්ස් කණ්ඩායම ගෝල 16 ට 19 ක් ලෙස පරාජයට පත් කරමිනි. තරගයේ පළමු අර්ධය නිමා වනවිට ද ලකුණු 06 ට 09 ක් ලෙස දකුණු අපි‍්‍රකාව පෙරමුණේ පසු වූ අතර මෙම ජයග්‍රහණයත් සමග ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද දකුණු අපි‍්‍රකාවට හැකි විය.
ඊයේ(26) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල නවසීලන්තය පරාජය කළ එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ජපානයේ පැවැත්වෙන 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර එළැඹෙන නොවැම්බර් 2වැනිදා පැවැත්වීමට නියමිතය.
එංගලන්තය මීට පෙර අවසන් වරට 2003දී ලෝක කුසලානය හිමිකරගෙන ඇති අතර මීට පෙර දකුණු අප්‍රිකාව 2007දී ලෝක කුසලානය හිමිකරගැනීමට සමත්විය. එහිදී ඔවුන්ගේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදියා වූයේද එංගලන්ත කණ්ඩායමයි.