මුජිබුර් පාස්කු වාර්තා සභාගත කරයි

සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළිකර ගැනීම බව පාස්කු විමර්ශන වාර්තා කිහිපයක් සභාගත කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාළ වාර්තා ඉදිරි පරීක්ෂණ සඳහා ඉවහල් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“පාස්කු බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ වලට අදාල මලල්ගොඩ වාර්තාව මා සභාගත කරනවා.එමෙන්ම චැනල් ෆෝ සම්බන්ධයෙන් පත් කරන ලද විනිසුරු ඉමාම්ගේ වාර්තාවත් මා සභාගත කරනවා. ජනාධිපති කොමිෂන් සභාවට හිටපු එස්.අයි.එස් ප්‍රධානී චූලා කොඩිතුවක්කු ලබාදුන් කට උත්තරයත් සභාගත කරනවා.ඒ කට උත්තරයේ පරීක්ෂණ නිලධාරීන්ට වැදගත් වන බොහෝ කරුණු තියෙනවා.අප සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මොලකරු අල්ලා ගැනීමටයි.මේ බෝම්බ ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට අප දෙගොල්ලෝම එක මතයක සිටිනවා.ඒ සම්බන්ධයෙන් අප අතර ප්‍රතිවිරුද්ධ මත නැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *