පාස්කු ගැන මේ ආණ්ඩුව මෙලෝ දෙයක් හොයාගත්තේ නෑ

පාස්කු ප්‍රහාරය ගැන මේ ආණ්ඩුවේ අය අලුතින් හොයාගත් කිසිම දෙයක් නැතැයි පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පාස්කු ප්‍රහාරයෙන් පසු ඡන්ද ගන්න මැතිවරණ දෙකක් යොදා ගත්තා.නමුත් තවමත් ඔවුන්ට යුක්තිය ඉටුවී නැහැ.ඒ අතරම පාස්කු ප්‍රහාරයෙන් පසු සියලු මුස්ලිම් ජනතාවත් පීඩාවට පත්වුණා.එදා අපේ ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් පවා තනතුරු වලින් ඉල්ලා අස් වුණා.මේ ආණ්ඩුවේ උදවිය අලුතින් හොයාගත්තේ මොනවද?එක නිලධාරියෙක් කොමිසමට ගිහින් මහ මොලකාරයා කවුද කියලා කොළ කෑල්ලක ලියලා දුන්නා. මෙන්න මේ කාරණා හෙළි කරන්න.අලුතින් යමක් කළා නම් ඒ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පමණයි.ඉකුත් පාස්කු දිනයට පෙර පාස්කු රහස් හෙළි කරන බව ජනාධිපති කිව්වත් එහෙම කළාද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *