අමාත්‍ය සජිත් ප්‍රේමදාස පසුගියදා මුස්ලිම් වැසියන් හමුවූ උත්සවයකදී කථාවක් පවත්වමින් බුදු දහමටද අපහාස කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.
එහිදී අලියකු පහරදීමට එනවිට නැවැත්විය හැකි ගාථා බුදු දහමේ ඇති බවත් බුදුන් වහන්සේ නාලාගිරි හස්තියා දමනය කළේ ගාථාවක් කියා බවත් ප්‍රකාශ කරමින් සජිත් ප්‍රේමදාස සිදුකර ඇත්තේ බුදුදහමත් හෑල්ලුවට ලක් කිරීමක් බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.
බුදු හිමියන් ඉදිරියේ නාලාගිරි හස්තියා දමනය වූයේ මහා කරුණාව හා මෙත් ගුණය නිසා බවත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බුදු දහමේ නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේ ලබන නොවැම්බර් දෙසැම්බර් හෝ වනතුරු කට පරිස්සම් කරගන්නා ලෙසයි.