Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

දයාසිරිගෙ නඩුවකට දින දෙයි

දයාසිරිගෙ නඩුවකට දින දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය දැරීමේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්   හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහත්වරුන්ට අතුරු   තහනමක්  නිකුත් කරනවාද? නැද්ද ?යන්න පිළිබඳ නියෝගය ලබන 31 දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා දන්වා සිටියේය.

මෙම නඩුවට අතුරු පෙත්සමක් ඉදිරිපත් කළ පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතාට නඩුවට මැදිහත්වීම සඳහා අවසර ලබාදුන් අතිරේක දිසා විනිසුරුවරයා  මැදිහත්කාර පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටින අවසන් සහනය පැහැදිලිව ඉදිරිපත් කර නොමැති බැවින් අතුරු පෙත්සම මගින් ප්‍රධාන නඩුවේ  අතුරු නියෝගයට බලපෑමක් විය හැකි යැයි තීරණය කළ නොහැකි බවත්,කෙසේ වෙතත් නඩුව මගින් නිදහස් පක්ෂයේ සාමාජිකයින් සියල්ල විත්තිකරුවන් කරමින් නඩු පවරා ඇති බැවින් නඩුවට මැදිහත්වීමට අයිතියක් ඇති බවත් පෙන්වා දුන්නේය.

ජයසේකර මහතා විසින් හිටපු සභාපති  මෛත්‍රිපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහත්වරුන්ට එරෙහිව   පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක දිසා විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේය.

ජයසේකර මහතා පැවරු නඩුවේ අතුරු නියෝගයක් ලබාදීම පසුගිය 23දිනට නියමිතව තිබූ අතර ලසන්ත අලගියවන්න මහතාගේ මැදිහත්කාර අතුරු පෙත්සම ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නියෝගය කල් තැබීය.

මැදිහත්කාර පෙත්සමට අවසර ලබා දුන් දිසා විනිසුරුවරයා පැමිණිල්ලිකාර දයාසිරි ජයසේකර මහතා පැවරූ නඩුවේ තීන්දුව මෙසේ 31 දින තෙක් කල් තැබිය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *