සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බි්රතාන්ය පුරවැසියෙකු බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ප්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමාජ ක්‍රියාකාරිනියක අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මෙම පෙත්සම ගොනු කළේ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බවත් එම නිසා ඇයට මන්ත්‍රී ධූරයක් දැරීමට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන Quo Warranto ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙසයි.