කොළඹ හා අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන අධි වෝල්ටීය රැහැන් පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට හෙට දිනයේ පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට උදෑසන 08 සිට රාත්‍රී 12 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ රත්මලාන ප්‍රදේශය වලටද අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ලබන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *