අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන අධි වෝල්ටීය රැහැන් පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට හෙට දිනයේ පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට උදෑසන 08 සිට රාත්‍රී 12 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ රත්මලාන ප්‍රදේශය වලටද අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ලබන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.