Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ඉන්ධන මිල පාලනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්

ඉන්ධන මිල පාලනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පැන නගින ආර්ථික අභියෝග සහ ඒවාට මුහුණ දීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (19) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ගැටුම මධ්‍යයේ බලශක්ති සැපයුම් ජාලවල ඇති වූ බාධා හේතුවෙන් සියලුම රටවල් මුහුණ දෙන ගෝලීය බලශක්ති අර්බුදය මෙන්ම ඉදිරි මාසවලදී ගෝලීය ඉන්ධන වෙළඳපොලේ මතුවිය හැකි විභව ප්‍රවණතා පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන ලදී.

අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම, ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති බලපෑම අවම කිරීම සහ 2025 දී අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ පවත්වා ගැනීම සහ ආර්ථික හැකිලීම සීමා කිරීම සඳහා ඉන්ධන මිල කළමනාකරණය කිරීමේ පියවර පිළිබඳව දීර්ඝ සාකච්ඡා පැවැත්විණි.

මේ සඳහා සහනාධාර යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව ගවේෂණය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට තවදුරටත් උපදෙස් දුන්නේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *