Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නැවතත් පාරු සේවයක්…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නැවතත් පාරු සේවයක්…

දකුණු ඉන්දියාව (පොන්ඩිචෙරි), කන්කසන්තුරේ (කේකේඑස්) සහ ත්‍රිකුණාමලය අතර 2023 ජනවාරි මැද භාගයේදී පාරු සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. මෙම සේවාව සඳහා ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති බව ඔහු පැවසීය.

“ඉන්දියානු පුරවැසියන් විශාල පිරිසක් යාපනය අර්ධද්වීපයේ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටිති. එවැනි සම්බන්ධයක් සමඟින් නව සේවාව මගින් විශාල විදේශ ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ. එය ඉන්දියාවට පැමිණෙන බෞද්ධ වන්දනාකරුවන්ටද ඉමහත් පහසුවක් වනු ඇත,” කිව්වා.

මෙම සාකච්ඡාවේදී තොටුපළ හිමිකරුවන් අවධාරණය කළේ මගී සේවා අඛණ්ඩව ලබාදීම සඳහා වරායවල පවතින පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවයි.

රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුව ශ්‍රී ලංකා වරායේ රේගු, ආගමන හා විගමන හා අනෙකුත් පහසුකම්වලට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

නව සේවාව යටතේ යාත්‍රා මගින් මගීන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් ගමනාන්ත අතර පැය තුනහමාරක් පමණ ගතවන බව තොටුපළ හිමියෝ පවසති.

එක් ගමනක් සඳහා මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 60ක් (රුපියල් 21,000ක් පමණ) අය කළ යුතු බවත් සෑම මගියෙකුටම ගමන් මලු කිලෝග්‍රෑම් 100ක් දක්වා රැගෙන යා හැකි බවත් තොටුපළ හිමියෝ යෝජනා කළහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *