සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා නම් කරන ලද නැකැත් වේලාවන් සම්බන්ධයෙන් මතභේද ඇති සියලුම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥ කණ්ඩායම් ඒකාබද්ධ නැකැත් සීට්ටුවක් සඳහා එකඟ වී ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේය.
අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණි බව අමාත්‍යාංශය පැවසීය.


