Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අයිඑස් ත්‍රස්තයන් දිරි ගැන්වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

අයිඑස් ත්‍රස්තයන් දිරි ගැන්වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

පාස්කු ඉරිදා ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සිදුකළ ප්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 30ක කාලයක් රඳවා ප‍්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණු අතර ඔහු මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අහමදු මොහම්මදු අර්සාද් නමැති ව්‍යාපාරිකයෙකි. කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව පෙත්සමක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කිසිවකුට සෑදීමට නොහැකි ආකාරයෙන් ජාලයක් නිර්මාණය කොට ඒ මගින් පාස්කු ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සිදුකළ එකක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත්තේ මෙම සැකකරු බවත්, මොහු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මුල් කාලයේ සිටි ප‍්‍රබල ක්‍රියාකාරිකයකු බවට හඳුනාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු වූ සහරාන් ෆස්රූල් නමැත්තාගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී මෙන්ම ඔහුගේ අන්තර්ජාල සබඳතා නිරික්ෂණය කිරිමෙන් අනතුරුව මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

යුද හමුදා බුද්ධි අංශය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තම දෙපාර්තමේන්තුව වෙත බාරදුන් බවත්, මොහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග ඍජුවීම දිගින් දිගටම සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයකු බවට අනාවණය වී ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

එසේම, ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු බව කියන සහරාන් ෆස්රූල් (මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම සිදුකරනු ලබන සැකකරු) යන අයගේ අනුදැනුම මත සහ ඉල්ලීම මත පාස්කු ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් සිදුකළ ප්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව ද අනාවරණය වී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු බෝම්බකරු වූ අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් ‘අබ්දුල්ලා’ නමැත්තා කොළඹ කිංස්බරි හෝටලයේදී මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා ලෙසට මේ වනවිට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *