PCR පරීක්ෂණ සදහා යොමු කළ පුද්ගලයින් සිය PCR ප්‍රතිඵල ලැබෙන තුරු නිවෙස තුළම නිරෝධායනය වීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ PCR පරීක්ෂණ වලට යොමුකළ පුද්ගලයන් අදාළ කොට්ඨාශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නිරෝධානයෙන් නිදහස් කරන තුරු නිවෙස් තුළ නිරෝධායනයේ යෙදීම අනිවාර්ය බවයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ PCR පරීක්ෂණයට යොමුවන පුද්ගලයින් ප්‍රතිඵල ලැබීමට පෙර සමාජයේ සැරීසැරීම හේතුවෙන් මේ වන විට දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වී ඇති බවයි.